ආදරය 03


 

කෝම කෝම හරි ආදරේ ලබා ගත්තා කියමුකෝ. කොහොමද අපි ඒක පවත්වාගෙන යන්නේ. මේක නේ කරන්න අමාරැම දේ. ආදරේ කරන්නෙ මෙහෙමයි කියලා නිශ්චිත නිර්වචනයක් දෙන්න බැහැ, ඒ උනාට අපි අනිවාර්යෙන්ම පාලනය කරගන්නම ඕනි තැන් කිහිපයක් තියනවා.

 

පලවෙනි එක තමන්ගෙ සහකාරයා/සහකාරියව ඔනවට වඩා විවේචනය කරන්න යන්න එපා. කොල්ලො ඉන්නව සමහරැ අරක් තොරක් නැතුව කුනු හර්පෙන් බනිනවා. (මාත් ඉස්සර එහෙමයි ) ඒක කවදාවත් කරන්න හොද නැ. කියන දෙයක් ආදරෙන් කිවම ඔන් කෙනෙක් අහනවා

 

ඕනවට වඩා වෙන අයව වර්නනා කරන්නත් ඒ අය සමග තමන්ගෙ කෙනාව සසදනනත් යන්න එපා. නමුත් වැරැද්දක් නම් දැක්ක තැන පැහැදිලි කරන්න ඕනි.

 

කිස් එකක් දෙන වෙලාවක් නම් ඒක බොහොම සොෆ්ට් විදියට අයි කන්ටැක් එක තියන් කරන්න, එක සැරේට පැනපු ගමන් බල්ලො බත්.කනවා වගේ කරන්න ගියොත් හබක් තමයි

 

ලග ඉන්න හැම වෙලාවකම සපර්ෂයක් තියාගන්න බලන්න, හැතැම්මක් ඇත ඉදන් පතිදම් පුරනවට වඩා ලගට වෙලා විදින ස්පර්ෂය අපිව උත්තේජනය කරනවා,

 

හැමවෙලාවෙම දෙන්නට දෙන්න ඇහුම්කම් දෙන්න. දෙන්නට දෙන්නා තේරැම් ගන්න බලන්න. කියන දේ හරි විදියට තේරැම් ගන්න මේ දේ තමයි හරියටම වෙන්න ඕනි. කියන්නෙ එක දෙයක් තේරැම් අරන් තියෙන්වෙ වෙන හතර බීරි කතාවක්. ඔන්න ඉතින් ප්‍රශන.කියපු දෙයක් තේරැනේ නැත්තම් ආය ආයෙ අහල බලන්න.

 

කවදාවත් බොරැ කියන්න යන්න එපා, වැරද්දක් නිවැරදි කරගන්න යන්න එපා. එක බොරැවක් කිවොත් ඒක වහන්න තව බොරැ කෝටියක් කියන්න වෙනවා. මතක තියාගන්න ඒ වගේම එක පොරැවක් අහු උනොත් නිකන්ම තව බොරැ කෝටියක් අහු වෙනවා. එතනදි ඔයා කොච්චර අවන්කව ආදරය කරල තිබුනත් අහිමි වෙන්න පුලුවන්

 

අනිත් කෙනා දුකකින් නම් කවදාවත් ඇගට කඩාගෙන පනින්න එපා, ඉස්සේල්ලා දුක අයින් කරලා පස්සෙ මරා ගන්න

 

වැදගත්ම දේ සාමාන්‍යයෙයන් ඔබ ජීවත් වෙන විදිය, හිතන පතන විදියම ඇයට පෙන්නනන් වෙනම පොෂ් හෝ සුරංගනා ප්‍රතිරැපයක් මවලා ඒක බිදුන දවසට ඔබ කෙතරම් ආදරේ උනත් ඒ සම්බන්දය නවතින්න පුලුවන

 

 

මෙන්න මේ උඩ කියපු කරැනු ටික ඔයාලට මේන්ටේන් කරන්න පුලුවන් නම් ඔයාලටත් ලස්සනට ආදරේ කරන්න සහ ආදරය කියන දේ විදන්න පුල්වන් වෙයි.

 

තොමී ෴


Post a Comment

0 Comments