මිනිස්සු කරන්නෙ රග පෑමක්

ඔවු මම හිතන විදයට 95%ක් විතර මිනිස්සු කරන්නෙ රග පෑමක්, මිනිස්සු රග පානවා කියන්නේ අනිවාර්යෙන්ම බොරැ කියන්නම වෙනවා, මිනිස්සු බොරැ කියනවා කියන්නේ අනිවාර්යෙන්ම රඟපානවා කියන එකම තමයි, ඇයි මිනිස්සු බොරැ කියන්නේ හෝ රඟපාන්නේ?? ඒහෙම කරන්න විවිධ හේතු තියනවා, මටත් සමහර අවස්තානුකූලව බොරැ කියන්න සිද්ද වෙනවා, ඒත බොරැව කියන දේ අවම මට්ටමක තියාගෙන රඟපෑමෙන් ඇත් වෙලා මගේ ඇත්තම චරිතය ලෝකය ඉස්සරහ පෙන්නන්න මම ගොඩක් වෙලාවට උත්සහ කරනවා, ඒක හරිම අමාරැ වැඩක්,

 

මිනිස්සු බොරැ කියන්න රඟ පාන්න ප්‍රධානම හේතු කිහිපයක තියනවා, පලවෙනි දේ තමන්වෙත අවධානය යොමු කරගන්න, ඒ වෙනුවෙන් අප්‍රමාන බොරැ කියන අය ඉන්නවා, විශේෂයෙන් දේශපාලකයෝ, ආගමික නායකයෝ හා විවිධ වර්ගයේ උසස් සමාජ තල වල ඉන්න අයත්, පහල මට්ටමේ ඉඳන් ඉහල සමාජ මට්ටමට යන්න උත්සහ කරන අයත්..

 

දෙවනි කාරනේදි තමයි හැමෝම බොරැ කාරයෝ රගපෑම් කාරයෝ වෙන්නේ ඒ ඇත්ත තමන් වෙනුවට අපි ලගාවෙන්න ආස කෙනෙක්ව අපි සමාජය ඉස්සරහා මේන්ටේන් කරනවා, අපි අපේ ඇත්ත අදහස් නැතුව අර අපි මේන්ටේන් කරන චරිතයට ගැලපෙන අදහස් සමාජ ගත කරනවා, මේක අපි ඔයාල හැම තැනම කරනවා කොතනද ? facebook and twitter යනාදී සමාජ මාධ්‍ය වල, අවන්කවම තමන්ගෙ හිතින් හිතල බලන්න facebook එකේ (මෙතන මම facebook කියන වචනෙ භාවිතා කරාට ඒක ඇතුලෙ සියලුම ඔයාට අදාල සමාජජාල මාධ්‍ය අඩංගු වෙනවා කියලා හිතා ගන්න) ඔයා ලෝකෙට පෙන්නන්නෙ ඇත්තම ඔයාවද ? නැ ඔයාල facebook එක ඇතුලෙ වෙනමම genuin චරිතයක් මේන්ටේන් කරනවා ලෝකෙට පේන්න, ඔයා පොටෝ එකක් දැම්මත් ඒක තියන ඔක්කොම filters වලින් filter කරලා ලස්න කරලා තමයි දාන්නේ, නැත්තම් ඔයා මේන්ටේන් කරන චරිතෙට ඒක හරි නැ කියලා ඔයා හිතෙනවා, ඔයාගෙ හිතේ කොච්චර නරක සිතුවිල්ලක් තිබුනත් ඔයා post කරන්න කොහේ හරි තියන සංවේදී ලස්සන දේවල් විතරයි ?? , ඇයි මෙහම බොරැවක් රග පෑමක් කරන්නේ ?? හේතුව ඔයා තාම සමාජෙට බයයි, තනියම ඉපදිලත් ඔයා ජීවත් වෙන්වේ වටේ පිටේ ඉන්න උන්ට බයේ ? ඇත්තටම ඔයා මහ බොරැ කාරයෙක් , ඔයා අනිත් අයට කොච්චර කිවුවත් මම බාරැ කියන් නැ කියලා, ඔයා මුලු මහත් සමාජයක්ම රවට්ටනවා,,නැ කියලා කියන්න ඔයාට බැ හිතට එකඟව..

 

මිනිස්සු බොරැ කියන අනිත් කාරනේ තමයි මිල මුදල්, ආදරය , ආහාර ආදී අවශ්‍යතා වෙනුවෙන්, ඔයාම හිතලා බලන්න ඔයා සල්ලි වෙනුවෙන් පොඩි හරි බොරැවක් කරලා නැද්ද ? කැම වෙනුවෙන්, ඇදුම් වෙනුවෙන්, කොටින්ම ආදරේ කරන කෙල්ලා කොල්ලා යාලු කරගන්න, ඔයා කොච්චර බොරැ කියලා ඇත්ද ? කොච්චර සුන්දර රගපෑම් කරලා ඇත්ද?

 

මිනිස්සු බොරැ කියන රගපාන අනිත් ප්‍රධාන කාරනේ තමයි විහිලුවට, විහිලුවට උනත් මම නම් හිතන්නේ බොරැව බොරැවම තමයි,

 

දැන් තේරෙනවා තමන් කොයිතරම්  බොරැ කාරයෙක්ද කියලා, සමාජය ඉස්සරහා කොච්චර ලොකු රගපෑමක් කරනවද කියලා, ඔයා එහෙම කර කර තව කෙනෙක්ගෙන් අහන්න පුලුවන්ද "මාව විස්වාස කරනවද කියලා? " රෙද්දක් ඇදගෙන අහන්න බෑ නේද? බොරැ කියලා රගපැමක් කර කර ජීවත් වෙන එක හරිම අමාරැයි, මොකද ඔයා මේන්ටේන් කරන්නෙ අමුතුම චරිතයක්, ඇත්ත ජීවිතේට වඩා හාත්පස වෙනස් චරිතයක්, ඔයාලගෙ එක බොරැවක් බේර ගන්න ඔයාලට තව බොරැ 100ක් කියන්න වෙන අවස්තා අන්නතයි අප්‍රමාණයි නේද ?

 

තමන්ගෙ ඇත්ත චරිතය පෙන්නලා බොරැ නොකිය ඉන්නකොට දැනෙන feeling එක මොන වගේද දන්නවද ? සමහර අය ඒක විඳල ඇති, ඔයාලට ඉන්නවා නේද හොඳම යාලුවෙක්, ඔයාගෙ ඇත්තම චරිතෙ දන්න, ඔයා හැමදාම ඇත්තම කියන කෙනෙක්, හිතලා බලන්න ඒ යාලුව ලග ඔයාට කොයිතරම් නිදහසක් දැනෙනවද කියලා අන්න ඒ නිදහස ජීවිතේටම දැනෙයි ඔයා බොරැවෙන් රගපෑමෙන් ඇත් වෙලා ජීවත් උනොත්, ඔයාලගෙ ජීවිත සංකීරන වෙලා නීරස වෙලා ආතතියෙන් (stress)  ඉන්නෙ ඔයාලගෙම බොරැ රඟපෑම නිසා,

 

බොරැ කියන එක අඩු කරන්න කලින් හැමදේම කියන්න පුලුවන් කෙනෙක් ජීවිතේට ලං කර ගන්න, හොද යාලුවෙක්, එතනින් එහාට ඔයාට වෙනස් වෙන්න පුලුවන්, මේ කතාව ඔයාලට ගොඩාක් වේදනාත්මක වෙන්න පුලුවන්, ඒත් මේකතමයි තිත්ත ඇත්ත...

 

 

෴තොමී෴


Post a Comment

0 Comments