BDSM කියන්නෙ මොකක්ද?


BDSM කියන එක ගැන කයිකතන්දර  ඕන තරම් අහලා ඇති. ඒක මානසික රෝගයක්, නැත්තං පර්වර්ට් වැඩක්, බලහත්කාරයක්, ඇබියුස් එකක්, මේ විදිහෙ නානාප‍්‍රකාර කතන්දර. ඒත් ඇත්තටම ගත්තොත් මේ කතා ඔක්කොම කියන්නෙ BDSM ගැන මෙලෝහසරක් දන්නෙ නැති අයයි.

BDSM වලදි කස, මාංචු වගේ දේවල් පාවිච්චි වුනත් මේක තේරුම් ගන්න  ඕන ඇත්තටම ඩ‍්‍රාමා එකක් විදිහටයි. වේදනාව, පීඩාව වගේ දේවල්වලට වඩා එතනදි බලවත් වෙන්නෙ විශ්වාසය ගැන කාරණය. විශේෂයෙන්ම අනිත් කොයිම විදිහක ලිංගික සම්බන්ධයකටත් වඩා BDSM වලදි අනෙකා ගැන විශ්වාසය කියන කාරණය බලවත් වෙනවා. එතනදි කසය හෝ මාංචුව හෝ අනෙක් සහකරුවා/සහකාරිය අතට දෙන්නෙ දැඩි විශ්වාසයක පදනම ඇතුවයි. එහෙම නැත්තං ඒක බීඞීඑස්එම් නෙමෙයි.

මොකද්ද මේ අකුරු හතරෙ තේරුම? බී(B) බොන්ඩෙජ් Bondage සහ ඞී(D) කියන්නෙ ඩිසිප්ලින් කියන එකයි. බොන්ඩෙජ් වලදි අනෙකාව බැඳ තැබීම ගැන අදහසක් එනවා. ඩිසිප්ලින් කියන්නෙ අවනත වීමට. එක්කෙනෙක් බලය යොදවද්දි අනෙකා ඊට අවනත වීම නැත්තං කීකරු වීම මෙතනදි සිද්ද වෙනවා. SM අකුරු දෙකෙන් සැඩො-මැසොකිසම් (Sadism & Machoism) කියන තේරුම දෙනවා. එතනදි Sadism කියන අනෙකාට යම් යම් වේදනාවන්, සංවේදනයන් දීමෙන් තෘප්තිමත් වීමත් Machoism කියන වේදනාව හෝ සංවේදනය ලැබීමෙන්, ඊට අවනත වීමෙන් තෘප්තිමත් වීම කියන අන්තයත් හගවනවා. මේ සියලූ කාරණා එකට මුනගැහෙන සෞන්දර්යාත්මක ලිංගික චර්යාවකටයි BDSM කියන නම පාවිච්චි වෙන්නෙ. ඒත් පෝර්න් සයිට්වල මේ නම කොටපු ගමන් එක රූප, වීඩියෝ ගොඩක් නොමග යවනසුලූයි. මේ කලාපය ඊට වඩා සෞන්දර්යයක්, සන්නිවේදනයක්, අනෙකා කෙරෙහි ගරුත්වයක් සහ විශ්වාසයක් ඇතුව දේවල් සිද්දවෙන කලාපයක්.

 

ඇත්තටම ගත්තොත් සාමාන්‍ය විෂම ලිංගික එක්වීමකදි හරිහමන් මිනිස් සන්නිවේදනයක්වත් සිද්දවෙන්නෙ නැති අවස්ථා බහුලයි. ඔහේ ශරීර දෙකක් එකතුවීම සහ පොඩි වින්දනයක් ලැබීමෙන් එහාට ගිය සම්බන්ධයක් සන්නිවේදනයක් සිද්ද වෙන්නෙ ගොඩක් අඩුවෙන්. ඒත් BDSM වලදි අනිවාර්යෙන්ම එකිනෙකා අතර පැහැදිලි, ඒ වගේම හොඳ අවබෝධයක් ඇති සන්නිවේදනයක් අවශ්‍යමයි. ඒක ආදරය, සමීපත්වය, අනෙකාව තෘප්තිමත් කිරීම වගේ ගොඩක් සියුම් දේවල් එක්ක දිගහැරෙන ක‍්‍රියාවලියක්. වඩාත්ම වැදගත් වෙන්නෙ මේ වගේ සම්බන්ධයකදි දෙන්නෙක් අතර ගොඩනැගෙන විශේෂ බැඳීමයි. ඒක සාමාන්‍ය ලෝකෙ සාමාන්‍යකරණය වුන එකක් නෙමෙයි. ඒ හින්දම ඒක ගොඩක් ඉන්ටිමේට් එකක් වෙනවා.

සාද් සහ සැචර් මසාච්

-----------------------------------------

ග‍්‍රීක ආරට්වල සහ ක‍්‍රි.ව 300 විතර ලියවුන කාමසූත‍්‍රයෙ BDSM ඉරියව් දකින්න තියෙනවා. 15 වෙනි ශතවර්ෂයෙ වගේ ඉඳන් යුරෝපයෙත් මේ සම්බන්ද සාහිත්‍ය කලා ආදිය හොයාගන්න පුළුවන්. ඒත් BDSM වඩාත් හොඳින් පැතිරෙන්න ගන්නෙ 18වෙනි සියවසේ විතර. ඒ යුරෝපයේ ඇතැම් ගනිකා නිවාසවල කැමැත්තෙන් බැඳ දැමුනු නැත්තං කැමැත්තෙන් පහරකෑමට ඉදිරිපත්වෙන පිරිමින් වෙනුවෙන් වෙනම ඩොමිනන්ට් (Dominant) ගැහැණුන් සේවයේ යෙදවීම සමගයි.

 

1791දි ප‍්‍රංශයේ මාකස් ඩි සාද් පළවෙනි සැඩොමැසොකිස්ට් නවකතාව ලියනවා. ඒකෙ නම ජස්ටින්. විපින්ග් (Whiping), ෆ්ලොගින් (Floging), නිපල් ක්ලැම්පින්ග් (Nipple Clamping) වගේ දේවල් ඒ කතාව ඇතුලෙ කියවෙනවා. (මේවා සිංහලෙන් කියන්නෙ කොහොමද කියල මං දන්නෙ නෑ. ඩිසාද්ව සාපරාධී උන්මත්තකයෙක් කියල හිරේ දාලයි තිබුනෙ. ඒක හින්දම එයා ලියපු පොත්වල තිබුන ලිංගික චර්යාවනුත් මිනිස්සු බාරගත්තෙ පිස්සු විදිහටයි. කොහොම වුනත් පරපීඩක කාමයට සේඩිසම් කියන නම එන්නෙ සාද් නිසයි.

 

1870 ලියොපොද් වොන් සැචර් මසාච් මේකෙ අනිත් පැත්තෙ පොත ලියනවා. ඒ තමයි ලෝක ප‍්‍රකට වීනස් ඉන් ෆර්ස් කියන නවකතාව. ඒකෙ තියෙන්නෙ සෙක්ෂුවල් සබ්මිෂන්(Sexual Submission) නැත්තං ලිංගික වහලා වීමේ තෘප්තිය ගැන කාරණායි. මැසොකිසම් කියන නම හැදෙන්නෙ මසාච්ගෙ නම මුල්කරගෙන.

ඊට පස්සෙ ෆ්‍රොයිඞ් මේ දෙක එකතු කරලා සැඩො-මැසොකිසම් කියන නම අරන් එනවා 1905දි. මේ වින්දනය නියුරොටික් තත්වයක් විදිහටයි එයා හඳුන්වන්නෙ. මුල්කාලීනව පලවුනු මානසික රෝග සම්බන්ධ මැනුවල් වල පවා මේක ඩිසෝ්ඩර් එකක් නැත්තං රෝගී තත්වයක් විදිහටයි හඳුන්වන්නෙ. ඒත් ඒ පරණ කාලෙ.

 

මේක විකෘතියක්ද?

-------------------------------------

ඒත් මේ වෙද්දි සමීක්ෂන කරලා ඔප්පු වෙලා තියෙනවා BDSM යෙදෙන අය මේ කියන විදිහෙ රෝගී අය නෙමෙයි කියල. ඒ ගොල්ලො මානසිකව ඉතාමත් නිරෝගී අය කියල. එකම දේ කිරීමෙන් එපාවෙන තැනදි වඩාත් නිර්මාණශීලී වගේම ඉන්ටිමේට් දේවල් උත්සාහ කරලා බලන පිරිසක් කියල. මතක තියාගන්න  ඕන කාරනේ BDSM විතරක් නෙමෙයි මුල් කාලෙදි බ්ලෝජොබ් (Blowjob) එකක් පවා, නැත්තං සමලිංගිකත්වය (Homosexual) පවා සැලකුනෙ විකෘතීන් විදිහට කියන එකයි.

 

BDSM ලට විකෘතියක් කියල කියන්න කලින් ටිකක් ලෝකෙ දිහා බැලූවොත් අපිට පේනවා කොයිතරම් බලය මූලික දේවල් වලින්, අනෙකා යටත් කර ගැනීමෙන් මිනිස්සු තෘප්තිමත් වෙනවද කියල. හෙන්රි කිසින්ජර් එක තැනක කියනවා, බලය තමයි උපරිම කාම උද්දීපකය කියල. සටන් කරලා රටවල් අල්ලගන්න එකේ ඉඳන් එකිනෙකා තරග වදින ක‍්‍රීඩාවන් දක්වා අපි ගන්නෙ බීඞීඑස්එම් වින්දනයක්. 

කවුද වේදනාවෙන් සතුටුවෙන්නෙ කියල කෙනෙක් අහන්න පුළුවන්. ඒත් බොක්සින් වගේ ක‍්‍රීඩාවක, ගොන්පොර වගේ ක‍්‍රීඩාවල ලබන තෘප්තිය මොකක්ද කියල ටිකක් හිතලා බලන්න. එහෙම නැත්තං දුෂ්කර කඳුමුදුන් තරණය කරද්දි තුවාල ලබමින් අත්පත් කරගන්නා තෘප්තිට මොන වගේද කියල බලන්න. මේ හැම දෙයක්ම බීඞීඑස්එම් වර්ගයේම තෘප්තීන්. මේ තෘප්තීන් වඩාත් විනයක් සහ සෞන්දර්යයක් ඇතුව නිදන කාමරේට ගේන සංස්කෘතියයි බීඞීඑස්එම් කියන්නෙ. 

 

මේක ඇත්තටම නාට්‍යමය දෙයක්. මෙතනදි තියෙන්නෙ මේ දෙන්නා අතර එකගතාවයක්. බොටම් (Bottom) නැත්තං වේදනාව ලබන්නා කොයි මොහොතක හරි නවත්තන්න කරන සංඥාවකට ටොප් (Top) නැත්තං වේදනාව ලබාදෙන්නා වහාම අවනත වෙන්න  ඕන. ඇත්තටම මේ ක‍්‍රීඩාවෙ බලය තියෙන්නෙ සබ්මිසිව් (Submissive) නැත්තං වේදනාව ලබන පාර්ශ්වයටයි. සියල්ල සිද්ද වෙන්නෙ එයාගෙ අනුමැතිය උඩයි.  ඕනම වෙලාවක ඒ අනුමැතිය ආපහු ගන්න පුළුවන්. එතනදි ඊට කීකරු නොවෙන කෙනෙකුට BDSM සංස්කෘතියෙ සාමාජිකයෙක් වෙන්න බෑ. මෙතනදි  ඕනම කෙනෙකුට තමන්ගෙ විශ්වාසවන්ත ලිංගික සහකරුවෙක්/සහකාරියක් එක්ක බලය යෙදීමේ සහ යටත්වීමේ ලිංගික තෘප්තිය අත්විඳින්න ආරක්ෂිත සෞන්දර්යාත්මක අවකාශයක් ලැබෙනවා.

 

වඩාත්ම වැදගත් දේ මෙතනදි ඉන්ටිමේට් වෙන්න ලැබෙන අවකාශයයි. ඉන්ටිමේට් වෙනවා කියන්නෙ සෙක්ස් කරනවා කියන එක නෙමෙයි. සෙක්ස් කරන්න  ඕනම ශරීර දෙකකට පුළුවන්. ඒත් ඉන්ටිමේට් වීම ඇතුලෙ කෙනෙකුට විවෘතව අනෙකා එක්ක සමීපතම සන්නිවේදනයකට අවස්ථාව ලැබෙනවා. BDSM වගේ නිර්මාණාත්මක ලිංගික එකතුවීම්වලදි මේ අවකාශය අනිවාර්යයි. ඒ ක‍්‍රියාවෙ සුන්දරත්වය පවතින්නෙම ඒ අන්‍යොන්‍ය එකගතාව, විශ්වාසය හා සන්නිවේදනය උඩයි. හෙට අපි කතා කරමු මේ BDSM වලදි භාවිතාවෙන වචන යෙදුම් ටිකක්. ආ ඔයා මේ ගැන උනන්දු නම් විවෘත්ත මනසකින් යුත් කෙනෙක් නම් ඔයාගෙ අදහසත් අපිත් ඒක්ක කියන්න ඔයා මොනව හරි දන්න කරැනු තියනම් ඒ්කත් අපිත් ඒක්ක බෙදාගන්න මොකද මේ වගේ ලිපි ලියන්න ඒ් කරැනු මට සෑහෙන්න වැදගත් වෙන්න පුලුවන් නිස්කලංක වෙලාවක කල්පනා කරලා බලන්න මේ ගැන ඔයාටත් BDSM ආශාවන් තියෙන්න පුලුවන්

 


Post a Comment

0 Comments