හස්බන්ඩා පිට යන්නෙ ඇයි...


 ඇයි බන් උබ ඩිවෝස් උනේ..

මිනිහ පිටයනවනේ. ඌට හැමතැනම ගෑනු. මම මෙච්චර ආදරෙන් ඉඳලත් ඔහොම පිට යනවනම් ඒ වගේ මිනිහෙක්ගෙන් මොකටද බන්.

ඔවු බන් ඒ වගේ එකෙක් ගෙන් නම් වැඩක් නෑ තමයි. ඩිවෝස් වෙච්ච එකමයි හොද ??
 

ඔය වගේ ඩිවෝස් වෙච්ච කතා ඕනි තරම් ඔයාල අහල ඇති. ඒ ගොඩක් කතා අපිට අහන්න ලැබෙන්නෙ ගෑනු කෙන ගොඩක් ආදරෙන් හිටියත්. එයාල කියන විදියට හැමදේම දුන්නත් මිනිහ පිටගියා කියල. අපිත් ඒ වගේ දෙයක් ඇහුවම ඒ මනුස්සයටම බනිනව මිසක්. ඒ මනුස්සයගෙ වලත්ත කම කියල බනිනව මිසක්. ඇයි යි එහෙම වෙන්න හේතුව මොකක්ද කියල හිතන්නෙ නෑනේ. අපි නිකමට හොයල බලමු පිරිමි පිටයන්න හේතු වෙන්නෙ මොන වගේ දේවල්ද කියල.
 
01.ඊයෙ කිවුවා වගේම පලවෙනි ප්‍රදානතම දේ  තමයි ලිංගික  තෘප්තියක් නොමැති කම. ලංකාවෙ ගොඩක් කාන්තාවො සෙක්ස් කියත්දි ගොඩාක් පසු ගාමියි. ආස උනත් හරිම ලැජ්ජාශීලියි. හස්බන් කරන දෙයක් කරනකම් කකුල් දෙක පලල් කරන් බලන් ඉන්නව මිසක්. ඒ මනුස්සයවත් අවුස්සගෙන කරන දේ දෙන්නටම තදින් දෑනෙන විදියට කරන්න ඕනි කියන මානසිකත්වය ගොඩක් කාන්තාවන්ගෙන් එන්නෙ නෑ. ඔයා ඒ කෙනාට කොච්චර ආදරේ කරත් වෑඩක් නෑ. පවුල් ජීවිතයක තිබිය යුතුම දෙයක් වෙන ශක්තිමත් ලිංගික සම්බන්දතාවයක් දෙන්නටම නැත්නම් ඒ පිරිමිය ඒක පිට කෙනෙක්ගෙන් ලබන්න පුලුවන් කියල දැනුන ගමන්ම යනවා. එහෙම ගියාමත් ඔයා කියනවනම් ඌ පිටගිය කියල ඊට වඩා සාදාරනයි ඔයාට හස්බන්ඩ්ට ඕනි දේ දෙන්න බැරි උනා කියල අැත්තම කියනවනම්..
 
තමන්ගෙ පිරිමියා තමන් ගාව රඳවගන්න හැකියාව තියෙන්න ඕනි වයිෆ්ට. පිට යනව කියන එකේ තේරුම තමයි වෙන කාන්තාවක් කෙරෙහි ආකර්ශනය වීම කියල. ඔයාම හිතල බලන්න ඔයාගෙ මහත්තය පිට කෙනෙක්ට ආකර්ශනය වෙන්න ඔයාගෙ මොකක්ම හරි අඩු පාඩුවක් තියෙන්න පුලුවන් නේහ් කියල. තමන්ගෙ අඩු පාඩු තියනවනම් අනිත් එකා පිට යන්නෙත් තමන්ගෙ තියන අඩුපාඩු නිසා කියන පරම සත්‍යට ඔයාට මුහුණ දෙන්න වෙනවා. පවුල් ජීවිතයක් ඇතුලේ ආදරේ කියන දේ අනිවාර්යෙන්ම තියෙන්න ඕනි. ඒත් ආදරේ කියන දේ විතරක් මදි පවුල් ජීවිතයක් ගෙවන්න. ඒක නිසා ඔයාල දැන් ලවු කරන අය නම් තමන්ගෙ කොල්ල එක්ක පොඩ්ඩක් විවෘතව කතා බහ කරල එයාගෙ අසාවන් කැමති දේවල් කතා කරල නොදන්න දෙයක් තියනව නම් නෙට් එකෙන් හරි බලලා රෙඩි උනා නම් මහත්තය පිට යවන්නෙ නැතුව ලගම තියාගන්න පුලුවන් වෙයි. ගොඩක් අය අහයි බදින්නෙ සෙක්ස් කරන්නමද කියල. බැඳලම බලන්නකො පලවෙනි මාස 6 විතර. ඔය ටෝක්ස් නෑ එතකොට. මුල් කාලෙ කරන්නේ ඕක තමයි ඉඩ ලැබෙන හැම මොහොතෙම. ශක්තිමත් ලිංගික සම්බන්ධතාවක් පවත්වගන්නෙ කොහොමද කියල මම වෙනම ලිපියකින් කියන්නම්
 
02. දෙවනි කාරණේ තමයි ප්‍රියමනාප නැති කම අපිරිසිදු කම. ලවු කරන කාලෙ සුවද ගගහ පිරිසිදුවට ඉන් කෙල්ලට තමයි ගොඩක් වෙලාවට කොල්ලෙක් කැමති වෙන්නෙ. ඒත් බැන්දම ඉන්නෙ ඒ කෙල්ල නෙවෙයි. කුනු දාඩිය පෙරාගෙන ගෙදර වැඩත් එක්ක හවසට මහත්තය ගෙදරට එනකොට ඉන්නෙ මල පෙරේතියක් වගේ. මේව හරි පොඩි දේවල්... පුංචි පුංචි වෙනස් කම් දෙන්නටම කරන්නම් පුලුවන්නම් ගොඩක් පවුල් ජීවිත කැඩෙන්නෙ නෑ... වයිෆ් කෙනෙක් නම් මොන වැඩේ තිබ්බත් හස්බන්ඩ් ගෙදර එද්දි නාල කරලා පිරිසිදු වෙලා ලස්සනට ඉස්සරහට වෙලා ඉන්න.
 
03 තුන් වෙනි කාරනේ තමයි ලමයි ලැබුනයින් පස්සෙ මහත්තයට තිබුන ආදරේ අඩු වෙන එක. ළමයි එක්ක යුද්ධ කරන අස්සෙ මහත්තය ගැන හොයන එක ටිකක් අමාරු වෙන්න පුලුවන් තමයි..එහෙම උනා කියල බෑනේ පවුලත් රැක ගන්න එපැයි.
 
 
04. හතර වෙනි දේ දෙන්නටම පොදුයි අවබෝධයක් නැති කම සහ තේරුම් ගැනීමට නොහැකි කම. මේක වෙනම කතාකරන්න ඕනි ලොකු මාතෘකාවක් දෙන්නට දෙන්නෙක් තේරුම් ගන්නෙ කොහොමද කියන එක. ඒක නිසා හොදම දේ තමයි බදින්න කලින් දෙන්න එක්ක හැමදේම කතාබහ කරන එක. ලංකාව වගේ රටක ලිවින් ටුගෙදර් කියන දේ දකින්නෙ අසූචි වලක් දිහා බලනව වගේ නිසා. කරන්න පුලුවන් හොදම දේ තමයි. කලින් කතා බහ කරගන්න එක.
 
05. වයිෆ් ඔය මොන සෙල්ලම දැම්මත්, කොච්චර හොදට හිටියත් වෙන කෙල්ලෙක් කොල්ලෙක්ට එන්න පොඩ්ඩක් නටමු කිවුවම. වයිෆ් පේන්න නැත්නම් කොල්ල නටන්න යනවම තමයි. ආන් ඒක නතර කරන්නවත්. ඒක හදන්නවත් විදියක නෑ. මොකද හිත කියන්නෙ හරි ඉක්මනට වෙනස් දෙයක්. ලිංගිකත්වය කියන දේ කෙරෙහි හිත ඉක්මනට ඇදිල යනව පිරිමියෙක් උනත් ගෑනියෙක් උනත් එච්චරම තමයි. මේ දේ නවත්වන්න නම් සෙක්ස් කියන දේ පුද්ගලික දෙයක් කරගන්නෙ නැතුව සාමාන්‍ය දෙයක් විදියට දකින්න ඕනි. අපේ රටවල මිනිස්සුන්ගෙ හිත් එච්චර විවෘත නෑ. බැන්දම එකට ඉන්න පුලුවන් තමන් එක්ක විතරයි කියලනෙ හිතන්නෙ, විස්වාස කරන්නෙ...

Post a Comment

0 Comments