Friends with Benifit...

ලංකාවෙ අපිට මේ වචනෙ එච්චර අහල පුරැදු නැති උනාට මේකෙන් ගම්‍ය වෙන අර්ථය ඇහුවමනම් මේක අපි අතරත් තියනව නේද කියලා තේරේවි. ප්‍රථිලාභ සහිත මිත්‍රත්වය. බටහිර රට වල ඉතා ජනප්‍රිය සම්බන්දතාවක් තමයි මේ friends with benefit කියන එක. බොහෝ වෙලාවට break up එකකට පස්සේ ඇතිවෙන මානසික පීඩනය හා තවත් affair එකක් පටන් ගන්න දවසක් දක්වා ඇති අතරමැදි කාලය ඔවුන් බොහෝ විට ගෙවා දමන්නේ මෙවැනි ආකාරය මිතුරෙක් තමන්ගෙ විශේෂ මිතුරෙක් ලෙස කෝරාගෙන. මෙය හුදෙක් ලිංගික අවශ්‍යතාවය සපුරාගන්න විතරක්ම නෙවෙයි. ආදර සම්බන්දතාවය බිද වැටුනාම එන මානසික පීඩනය , හුදෙකලාව මකාගන්න අඩු කර ගන්න පවත්වන සම්බන්දතාවයක්. හැමෝම දන්නවා සම්බන්දතාවයක් බිඳ වැටුනම  හිත හදාගන්න තියන පහසුම හා ලේසිම ක්‍රමය තමයි තවත් කෙනෙක්ව පෙම්වතා මෙන්  ඉතා ලගින් ආශ්‍රය කිරීම. මනෝ විද්‍යාත්මකවත් මෙය සනාත කරපු කාරනයක්.


friends with benefit කීව ගමන්ම ඔලුවට sex relationship එකක් කියන දේ ගන්න එපා.මොකද අපි හැදිලා තියන සමාජය අනුව අපිට ඔය sex කියන වචනෙ දිරවන් නැ. හැමෝටම නෙවෙයි සරල බහුතරයකට මේක දිරවන් නැ නැ. ඒත් ඔයාම හිතලා බලන්න. ඕනම දේකට පෙම්වතෙක් පෙම්වතියක් තරමටම අපිට සමීප වෙන්න පුලුවන්, අපිව ස්පර්ශ කරන්න පුලුවන්, අපිට දැනෙන්න දෙයක් කියන්න පුල්වන්. අපිව තේරැම් ගන්න පුලුවන් යාලුවෙක් ඉන්නවා කියන්නේ, අපිට බය නැතුව විසවාස කරන්න ඕන තැනක යන්න එන්න පුල්වන් කියන්නේ. ඒක අපිට ගොඩක් ලොකු උදවුවක් වෙනවා අපේ පැරනි මතකයන් ඉක්මනින්ම මතකයෙන් අතුගාලා දාන්න. මනෝවිද්‍යාත්මකව ඔප්පු කරත් නැතත්. දකුනු ආසියානුවො විදියට අපේ අයට නම් මේක ලේසියෙන් පැහැදිලි කරවන්න තෙරැම් කරවන්න අමාරැයි. මොකද අපේ අය breakup එකකට පස්සේ තමන්ගෙ හිත හදාගන්නවට වඩා කරන්න ආස. අනේ මම එයාට ආදරෙයි, එයා නැතුව ඉන්න බෑ, වෙන කවුරැත් දැනෙන් නැ, මැරෙන්න ඕනි වගේ දේවල් කිය කිය නැති වෙච්ච දේවල් ගැනයි කියව කියව ඉන්නනේ. ඇත්තටම ඒකට කියන්නේ ප්‍රදර්ශනාත්මක විරහව කියලා. සාමාන්‍යයෙන් breakup එකකදි වෙන්න ඕනි අනිත් කෙනාව හිතින් අතැරලා තමන්ගෙ හිත මොන විදියකින් හරි හදාගන්න එක උනාට අපේ අය වැඩිපුර ආසම වෙච්ච දේ කිය කිය අනේ මට මෙහෙමයි අනෙ මට මෙහෙමයි ගගා ඉන්න. හැමෝම නෙවෙයි ගොඩක් අය. මොනව උනත් මේවා ලියලා තියන්නම්. කාට හරි වැදගත් වෙයි කියලා...

ගූගල් ශබ්දකෝශයට අනුව friends with benefit කියන දේ definition කරන්නේ

"a friend with whom one has an occasional and casual sexual relationship." විදියටයි. එමෙන්ම ප්‍රසිද්ද වෙබ් අඩවියක් වන glamour වෙබ් අඩවිය විසින් friends with benefit relationship එකක් පටන් ගන්නවනම් ඒ දේ සඳහා කුඩා රීතීන් කිහිපයක් හදුන්වලා දෙනවා. අපි බලමු ඒවා මොනවද කියලා..

1. Be clear about what you’re looking for.
ඔබට අවශ්‍ය දේ පිලිබද පැහැදිලි අවබෝදයක් ලබාගන්න. ඒ වගේම ඔබේ සහකරැවාගෙ අවශ්‍යතාව පිලිබදත් එසෙම පැහැදිලි අවබෝධයක් ලබා ගන්න..

2. Don’t expect it to turn into a relationship
ආදර සම්බන්දතාවයක් බවට පෙරලාගන්න උත්සහ නොකරන්න. සරලව කියනවනම් ටික කාලයක් යදදි නීති දාලා වද දීලා හිරකරන්න ගත්තොත් නම වැඩේ හබක් තමයි..

3. Check in intermittently with how you’re feeling.
" ඔබට මෙන්ම අනෙකාටද සම්බන්දතාව පිලිබද දැනෙන ආකාරය නිතර නිතර සාකච්චා කරන්න. දෙදෙනාටම අවශ්‍ය දේ පිලිබදව විවෘත්තව කතා කරන්න..

4. Talk about how you’re going to talk about it.
මෙය සිදුවෙන ආකාරයත්.ඉදිරියේදී සුදු වන ආකාරයත් පිලිබදව හොදින් කතා කර කර අවබෝධයක් ලබා ගන්න.

5. Lay down some ground rules.
ඔබට අවශ්‍යය ආකාරයට මූලික රීතීන් කිහිපයක් තබා ගන්න..

6. Know where to draw the line.
ලිංගික සම්බන්දාතාවයක් ආරම්භ කල යුතු තැන මෙන්ම. කලා යුතු ආකාරය ගැන දෙදෙනාම සාකච්චා කරන්න.

7. Acknowledge your own comfort zone.
දෙදෙනකුගේ මේ ආකාරයේ සම්බන්දයකදී කිසිම බැදීමක් නැති නිසා. තමන් කැමති හැම දෙයක්ම කැමති විදයට ඉශ්ඨ කර ගන්නත්. තමන්ගෙ පෙම්වා සමහග හෝ පෙම්වතිය සමග එක්වනවාට වඩා මානසිකව නිදහස් තත්වයක සිට ලිංගික සම්බන්දතාවයක් පැවැත්විය හැක.

සම්පූරණ නීති 11ක් තියනවා අනිත් හතරම යන්නේ sexual පැත්තේන් නිසා මම ඒවා මෙතෙන්ට දාන්නේ නැ. මොකද අපේ අයට ඒක වැදගත්.නැති නිසා. මොනව උනත් මට කියන්න ඕන වෙලා තිබුනේ    මේ වැනි සම්බන්දතාවයක්, sexකියන දේ අයින් කරලා ගමු. නමුත් හොද මිතුරෙක් ලග සම්බන්දතාවයක් කියන්නේ අපිට අපේ හිත හදාගන්න පුලුවන් හොදම විදිය. ඒ වගේම් friends with benefit එකකට නම් විවෘත්ත මනසක් වගේම විස්වාසය තැබිය හැකි කෙනෙක් තෝරාගන්නවනම් තමයි හොද..

තොමී...

Post a Comment

0 Comments