ඇයි බන් අපිට වැරදුනේ.
හැමෝම වගේ දන්නවා වැරදුනා කියලා, ඒත් ඇයි කියලා දන් නැ. මොකක් වැරදුන එකද මේ අහන්නේ.
ලවු කරලත් සතුටින් නැත්තේ ඇයි කියලා අහන්නේ. මේක ලියන අයගෙන් 90%ක්ම ලවු කරන අය මම
දන්න විදියට. ඒ වගේම පහු ගිය දවස් හතට විතරත් break වෙච්ච love story 42ක් ඇහුවා. මේවා
අහද්දි තේරැන එකම දේ තමයි ඔයාල හැමෝම වරද්දගෙන තියෙනනේ එකම තැන කියලා.ඇයි මාත් මාත්
තුන් සැරයක්ම වරද්දගතා මෙක තේරැම් ගන්න. ඇය ඔයාල එකම තැන වරද්දන තියෙන්නේ?? දන් නැති
නිසාද ? නැ දැන දැනනත් කරන්න තියන බය නිසා.
ඔයාලට වැරදුන තැන
තමන්ට තමන්ට ඔනි මොනවද කියලා අදුරගන්න බැරි උන එක? හැමෝගෙන්ම ඇහුවොත් කොල්ලෙක්ගෙන්/කෙල්ලෙක්ගෙන්
මොනාද බලාපොරොත්තු වෙන්නෙ කියලා, උත්තරේ ලැබෙන්නේ ආදරේ කියලා. වෙන මුකුත් එපා කියලා.
නැ මගේ උත්තරේ නම් මම බලාපොරොත්තු වෙන්වේ මගේ සතුට. මොකද කාට ආදරේ කරන්නත් කලින් මම
මට ආදරේ වෙන්න ඕනි, මට ආදරේ නැතුව, මාව සතුටු කරන්නෙ නැතුව වෙන කෙනෙක් කොහොම සතුටු
කරන්නද?. එතන තමයි ඔයාල පටලගන්න සුපිරිම තැන.
දැන් ඔයාලට ඕනි
මොනවද කියලා ඔයාට තේරෙනව නේද? ඔයාලට ඉස්සෙල්ලම ඕනි ඔයාලව සතුටු කරන කෙනෙක්. ඔයා කැමති
විදියට ඉන්න, ඔයාගෙ සිතුම් පැතුම් තේරෙන, පොඩි දේකින් වත් හිත නොරිද්දන. ඔයාගෙ හැගීම්
තේරැම් ගන්න කෙනෙක්. ඒවා ලැබුනොත් ඔයා සතුටින්ද? අනිවාර්යෙන් ඔවු. දැන්
යාලුවෙලා ඉන්න ඔයාලට ඒවා ලැබෙනවද? 80%කගෙ අවන්ක පිලිතුර නැ, ඔයාලගෙ උත්තරෙත් මට කියන්න
හොදේ.
අර උඩ ටික විතරක්ම
නෙවෙයි හොද සම්බන්දතාවයකට sex ඕනි. සරලව දැනට කියන්නම්
sex and love ගැන පස්සේ ලොකුවට
කියන්නම්. දැන් හෙන ප්‍රශ්නෙ ලවු කරද්දි sex මක්කටෙයි. විරැද්ද
ලිංගිකයෙක් ගැන ආදරයක් දැනෙන කොටම ඔයා ලිංගික ක්‍රියාවලියකට සූදානම්. මේ රටේ අපි වටකරන්
ඉන්න සංස්කෘතික රාමුව නැතුව sex කියන දේ චූ කරනවා වගේ සාමාන්‍ය
දෙයක් විදියට තිබුනනම් ඔයාල හැමෝම ඔය යාලුවෙලා ඉන්න එකා එක්ක sex කරනවාමයි. නැ කියන්
එපා. කවුරැවත් සෝතාපන්න වෙලා නැහැ.
දැක්ක නේද? ඔයාල
ඔයාලගෙ හැගීම සංස්කෘතිය නිසා හිරකරන් ඉන්නවා නැතුව තමන්ට උවමනාවට නෙවෙයි, අනේ උබලාත්
මාත් නැතත් අපේ දරැවොවත් නිදහස් ලෝකයක ජීවත් උනොත් ඇති. අපි හොයාගන්න ඕනි අපේ sex choice එක. අපි කැමති
light sex ද dark sex ද. අන්න ඒ කැමති
චොයිස් එකට ගැලපෙන පාට්නර් කෙනෙක් හොයාගන්න ඕනි. light and dark sex ගැනත් පස්සෙ කියන්නම්.
දන්නවද ලංකාවෙ දිකකසාද කේස් වලින් 75%ක්ම විතර ලිංගික නොගැලපීම් නිසා වෙන් වෙන ඒවා,
දැන්ම ඒවා ගැනත් හිතන්න.
ඒක නිසා තමන්ව
සතුටු කරන්න පුලුවන් කෙනෙක් හොයාගන්න. එහෙම නැතුව කමක් නැ මගෙ සතුට නැතත් එයාගෙ සතුට
වෙනුවෙන් කැප කරනවා කියන්නේ ගොං කමක්. ඇයි කලාතුරකින් ලැබුන ජීවිතේ කැප කරන්නේ. සතුට
කියන්නෙ තමන්ගෙ අයිතිවාසිකමක්, ඒ වෙනුවෙන් කතා කරන්න ඔයාලට අයිතියක් තියනවා. ඔයා සතුටින්
ඉන්නවනමි අනිත් කෙනා අනිවාර්යෙන් සතුටින්. ඒ වගේ බැදීම් බොහොම ශක්තිමත්. තමන්ට ගැලපෙන්
නැත්තම්, තමන් දුක් විදිනවනම් ඒ දුකෙන් අයින් වෙන්න. ඒ තීරනය ගන්න. තමන් සතුටු කරන්න
.
තොමී ෴
0 Comments