මේක කියවද්දි මූ හිතන් ඉන්නෙ ඔක්කොම දන්නවා කියලා හිතන අය ඒ මයින්ඩ් එක අයින් කරලා කියවන්න.
අපි ඉපදෙනකොටම අපිත් එක්කම එන හැගීම් දෙජාතියක් තියනවා, දුක සහ සතුට, අපි එලියට ආපු ගමන්ම අඬන්නේ දුකටද සතුටද කියලා අපිට හරියටම කියන්න බැහැ. නමුත් ටික ටික වැඩෙනකොට අපි ඇතුලෙ දුක සහ සතුට කියන දේ ප්රතිශතාත්තමක මට්ටමකට එනවා නේද? සාමාන්‍යයෙන් අපේ ජීවිත ඇතුලේ දුක ප්‍රතිශතය සතුට කියන දේට වඩා ගොඩක් වෙලාවට වැඩියි, සතුට වැඩි වෙන අවස්ථාවලුත් තියනවා. ඇවරේජ් එකක් විදියට ගත්තොත් අපි දුකින් ඉන්න ප්‍රතිශතය වැඩියි. එතකොට බුදු හාමුදුරුවෝ කියන්නේ දුකේ ප්‍රතිශතය 0% දක්වාම නැති කරපු කෙනෙක්.
දුක ශුන්‍යය උනාම මානසික සතුට කියන දේ ඇති වෙනවා, දුක ශුන්‍යය වෙද්දි දේවල් වලට තියන ආසාව ඇලීම නැති වෙනවා, තමන් සතු දෙයක් අහිමි උනත් ඒ දිහා උපේක්ශාවෙන් දකින්න පුරැදු වෙනවා, ඒකට අපි නිර්වාණය කියනවා. අත හැරීම ගැන වෙනම දවසක කතා කරන්නම්.
අපිට දුක කියන දේ ශුන්යයටම අඩු කරන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ අපි ජීවත් වෙන විදියට, ඒ වෙනුවට අපි ඉන්නෙ දුකකින් නම් ඒත් අපිට හිනා වෙලා ඉන්න බැරි කමක් නෑ, අපිට මේ ලෝකයේ ඉන්න ඕනම කෙනෙක් එක්ක හිනාවෙන්න පුලුවන්, එතකොට දෙන්නටම ප්‍රසන්නයි, හිනාව ඇතුලෙ ආධ්‍යාත්මික සිතුවිලි වගයක් හුවමාරු වෙනවා, විදේශිකයෙක් එක්ක උනත් අපිට කතා කරන් බැරි උනත් හිනාවෙන්න පුලුවන්. ඒකනේ සිනහව කියන්නේ "විශ්වීය භාශාවක්" කියන්නේ. මොන දේ උනත් හිනා වෙලා ඉන්න. අපි හිනා වෙනකොට අපේ mental stress එකත් අඩු වෙනවා, ඒක වෛද්‍ය විද්‍යාව හදාරන අය දන්නවා ඇති.
සතුට කියන්නේ මොකක්ද ? අපි තෘප්තමත් වීම නේද ? සරලව කිව්වොත් අපිට කේක් කන්න ආසයි, ඉතින් කේක් කනකම් අපිට කේක් ගැන දුකක් තියනවා, කේක් හම්බ උනාම ඒක කෑවම අපිට සතුටුයි, කේක් වලින් අපි තෘප්තිමත් උනා. ඒක නිසා අපිට සතුටුයි.
ආදරේ ලැබෙනකන්ම අපි දුකින් ඉන්නේ ලැබුනම සතුටුයි. මොකද අපි තෘප්තිමත් වෙන නිසා. හැබැයි ඔය ලැබුනු කේක් හරි ආදරය නිසා හරි අපි තෘප්තිමත් නොවුනත් එතන ආයෙත් දුකක්. ඒ කියන්නේ සතුට කියන දේ ලඟ ලඟම දුක කියන දේත් එනවා නේද. තෘප්තිමත් වීම කියන්නේ සතුට නම් සතුට කියන්නේ අල්ලා ගැනීමක්. ඒත් දුක ශුන්‍යය කරාම සතුට 100%ක් වෙන එක නිවන නම් ඒක ප්‍රස්නයක් නේද? මාර අවුලක්නේ
දුක ශුන්‍ය කරද්දි සතුට කියන දේ ප්‍රතිශතය වැඩි වෙනවා, නමුත් ඒ එක්කම දුක ශුන්‍ය වෙද්දි අපිට අශාව තණ්හාව කියන දේවලුත් ශුන්‍ය වෙනවා, තෘප්තිමත් වීම කියන දේත් ශුන්‍යය වෙනවා. එතකොට අර ලැබෙන සතුට කෙලෙස් වලින් අසාවල් වලින් තොර සතුටක්. අපි දුක මත්තේ ඉදල ලබාගන්න සතුට කෙලෙස් වලින් පිරුන සතුටක්. කොහොම උනත් දුක කියන්නේ නියතයක්. දුක කියන දේ ප්‍රතිශතාත්මකව වැඩියි. ඒක නිසා දුක ඇතුලෙ උනත් හිනාවෙලා ඉන්න. මොකද දුකෙන් ඉද්දි මුහුණක් හරිම අප්‍රසන්නයි. අනිත් දේ අත් හරින්න පුරැදු වෙන්න. අල්ල ගන්නෙ නැතුව ජීවත් වෙන්න.
හොද නරක සහ මිනිස්සු, අපි හැමෝගෙම දුක සතුට වගේම ප්‍රතිශතාත්මකව හොද නරක තියනවා. මිනිස්සුන්ව තේරුම් ගන්න නම් අදහසක් ගන්න නම් අපි ඒ මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ඔනි. පිටින් ඉඳන් බලන් ඉඳලා අදහසක් දෙනවා කියන දේ කොයි තරමක් ප්‍රායෝගික නැද්ද කියන එක අපි හැමෝම දන්නවා. මට පුද්ගලිකව කෙනෙකව ආශ්‍රය කරන් නැතුව ඒ කෙනා ගැන මුකුත් කියන්න බෑ, ස්ටේටස් බලලා, කතා කරන විදිය, ඉන්න විදිය බලලා ඒ කෙනාගෙ විදිය ගැන කියන්න බැහැ. මොකද ඒක කොයි තරම් වැරදිද කියලා මම ප්‍රායෝගිකව අත් විඳලා තියනවා.කතාවක් තියනවා Dont judge book by its cover. කෙනෙක්ගෙ පෙනුමෙන් කෙනෙක්ව මනින්න එපා. දවසක දෙකක කතා කරපු පලියට මනින්න එපා. අඩුම කෙනෙක් ගැන දල වැටහීමක් ගන්න පුලුවන් සති දෙකක් සති හතරක කාලයක් ඒ කෙනාව ආශ්‍රය කරන්න වෙනව. මනෝ විද්‍යාව හදාරන අය දන්නවා සති හතරක් මනුස්සයෙක් ලග ඉද්දි එයාට එයා මවාගෙන ඉන්න චරිතයක් තියනවනම් සති දෙකත් හතරත් කාලයක් ලග ඉනන කෙනා ඉස්සරහා එයා ඒ චරිතය අතැරලා නෝමල් වෙන්න උත්සහ කරනවා, මොකද බොරැව කියන දේ දිගටම කරන්න බැරි නිසා. ඒක නිසා ලව් කරන්න කලින් අඩුම මාසයක්වත් ඒ කෙනාව ආශ්‍රය කරන්න දල වැටහීමක් ගන්න. කෙනෙක් ගැන ඔයාට ගන්න පුලුවන් දල වැටහීමක් විතරයි. සම්පුර්ණ අදහසක් ගන්න නම් සිත දියුනු කරලා පරචිත්ත විජානන ඥානය ලබාගන්න වෙනවා.
සමහර අය ඉන්නවා දවසක් දෙකක් ආශ්‍රය කරලා ආ මූ මෙහෙමයි කියලා හිතලා ඒ අයව අතැරලා දානවා, ඒ වගේ ගන්න තීරන 80%ක් විතරම වැරදියි. එහෙම දවස් දෙක තුනක් කතා කරලා ඉට පස්සේ ඔයා එක්ක වැඩි මූන දෙන්නෙ නැතුව සයිඩ් ගහල ඉන්න අය ඔයාගෙ ජීවිතේ ඉන්වනම්, මතක තියාගන්න ඒ අය ඉන්නේ ඔයාගැන හොද mind එකකින් නෙවෙයි. සමහරවිට වෛරයෙන් වෙන්නත් පුලුවන්. ඒ වගේ අය එක්ක පස්සෙන් යන්න එපා. තව තවත් ඔයාව එපා වෙයි. ඒ අයටම තේරෙනකම් ඔයා පැත්තකට වෙලා ඉන්න.....
මිනිස්සු හොද හො නරක වෙන්නෙ අවස්තාව අනුව සහ ලබන සමාජ අත්දැකීම් අනුව කියලයි මම හිතන්නෙ. හිතන්න මිනිස්සු හොරකම් කරන්නෙ ඇයි. තමන්ට දෙයක් නැති උනා. කරන්නම දෙයක් නැති තැන. හැමෝම එහෙම නැ, බහුතරය එහෙමයි, ගණිකා වෘත්තිය උනත් එහෙමයි. ස්ත්‍රී දූශකයෙක් ගන්න. ගෙදර ඉන්න කම්මැලි කමට, එහෙම නැත්තම් විනෝදෙට කරනවද නෑ. තමන් ඉන්න භෞතික හා මානසික සිටුවේශන් එක අනුව නේද වෙන්නේ. පින් කරන අයත් එහෙමයි නේද? ඉතින් හැමෝගෙම ඇග ඇතුලෙ හොද නරක යම් ප්රතිශතාත්තමක අගයක තියනවා. මමත් ඔයත් සිත කෙලවරටම දියුණු කරලා නෑනේ. ඒක නිසා කෙනෙක් ගැන දෙයක් හොදක් හරි වැරැද්දක් හරි කියන්න කලින් තමන්ගෙ හිතින් හිතලා කියන්න.
අහ් මේ කීවේ මගෙ අදහස්. මම හිතන විදිය. මේකෙන් ඔයාලට ගන්න දෙයක් තියනම් ඒක ගන්න. ගන්න කිසිම දෙයක් තිබුන් නැත්තම් සමාවෙන්න ඔයාලගෙ වැදගත කාලය නාස්ති කරානම්. ඔයාගෙ අදහස මීට වෙනස් නම්. මොනව හරි එකතු කරන්න තියනවනම් කතා කරන්න. හිත් ඇතුලෙ තරහ තියන් ඉන්නවට වඩා හිනා වෙලා කතා බහ කරන එක වටිනවා.
තොමී෴
0 Comments